ඉරාන ජනපතිගේ කතාවට රට තුළින්ම බාධා කිරීමක්


ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි විසින් ඉස්ලාමීය ජනරජයේ 44 වැනි සංවත්සරය වෙනුවෙන් සිදුකළ රූපවාහිනී විකාශයට රාජ්‍ය විරෝධී කණ්ඩායම් විසින් බාධා කර තිබේ.

රයිසිගේ දැඩිමතධාරී රජය එරට තරුණ ක්‍රියාකාරීන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර, මෑතකදී එරට තුළ ඇතිවූ උද්ඝෝෂණ මාලාවකින් පසුව බොහෝ තරුණයන් අත්අඩංගුවටද පත්විය.

කෙසේ වෙතත්, ඔවුන් පිරිසකට පසුගියදා එරට ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් ඛමේනි විසින් සමාව දෙන ලදී.



Recommended Articles