ඉරාන උණුසුම මැද ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හදිසියේ ඉරාකයට


එක්සත් ජනපදය සහ ඉරානය අතර උණුසුම් තත්ත්වයක් උද්ගතව ඇති අවස්ථාවේ එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ හදිසි සංචාරයක් සඳහා ඉරාකයට පැමිණ තිබේ.

ජර්මනියේ බර්ලීන් නගරයේදී ඉරාක නායකයන් සමග සාකච්ඡා කිරීමට තිබූ හමුව අවලංගු කරමින් ඔහු පැය 4ක කාලයක් බැග්ඩෑඩයට ගොඩබැසීමෙන්ම එම සාකච්ඡා පවත්වා ඇති බව කියැවෙයි.

එක්සත් ජනපදයේ ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා හාරක ප්‍රහාරක නෞකාව කලාපය වෙත එවීමෙන් සතියක් ගතවීමටත් පෙර මයික් පොම්පෙඕ මෙම සංචාරය සිදුකර තිබේ.

එක්සත් ජනපදයට හෝ ඔවුන්ගේ මිත්‍ර පාර්ශ්වයේ රටවලට ඉරානයෙන් එල්ල විය හැකි කවර හෝ ප්‍රහාරයක් වැළැක්වීමේ අරමුණින් මෙම යුද නෞකාවක එවූ බව ඔවුන් කියයි.

එමෙන්ම, බී-52 වර්ගයේ බෝම්බ හෙළන ගුවන් යානා කිහිපයක්ද කලාපය වෙත එවා ඇති බව වාර්තා එක්සත් ජනපදය පිළිගෙන තිබේ.

කෙසේ වෙතත්, එක්සත් ජනපදය පවසන යුද අවදානම හුදෙක් ප්‍රලාඵයක් බවත්, එය මනස්ගාතයක් සේ බැහැර කරන බවත් ඉරානය කියයි.



Recommended Articles