ඉරාකයේදී ඩ්‍රෝන යානා 2ක් වෙඩි තබා බිම හෙළීමක්


එක්සත් ජනපද හමුදාවන්ට සත්කාරකත්වය සපයන ඉරාකයේ අයින් අල් අසාද් ගුවන් කඳවුරේ ගුවන් ආරක්ෂක වළල්ල විසින් ඩ්‍රෝන යානා දෙකක් වෙඩි තබා බිම හෙලූ බව ඉරාක හමුදා පවසයි.

ප්‍රාදේශීය වේලාවෙන් අලුයම 12.30 ට පමණ ඩ්‍රෝන යානා වෙත මෙසේ වෙඩි තබා ඇති බව හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මැයි 8 වැනි දිනද මිනිසුන් රහිත ගුවන් නිරීක්ෂණ පද්ධතියක් ඉරාකයේ අයින් අල් අසාද් ගුවන් කඳවුර ඉලක්ක කර ගත් නමුදු එයින්ද කිසිදු හානියක් සිදු නොවීය.

ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු කවුරුන්ද යන්න පිළිබඳ ක්ෂණිකව ප්‍රකාශ වී නොතිබුණි.



Recommended Articles