ඉරාකයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙයි


රටේ දිගු කාලීන අර්බුදය විසඳීමට හැකි වේ යැයි යන බලාපොරොත්තු මධ්‍යයේ ඉරාක වැසියන් මිලියන ගණනක් එළැඹෙන පාර්ලිමේන්තුව තෝරා ගැනීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් තිබේ.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉරිදා දිනයේ ජනතාව උදෙන්ම ඡන්ද පොළ වෙත පැමිණි බව විදෙස් වාර්තා පවසයි.

දේශීය වේලාවෙන් සවස 6:00 ට ඉලෙක්ට්‍රෝනික උපකරණ ස්වයංක්‍රීයව ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය වසා දැමීය.

හෙම්රින් ප්‍රදේශයේ මැතිවරණ මධ්‍යස්ථානයකදී නාඳුනන ප්‍රහාරකයින් ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තැබීමෙන් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.



Recommended Articles