ඉරාකයේ එක්සත් ජනපද කඳවුරකට රොකට් ප්‍රහාර


බටහිර ඉරාකයේ එක්සත් ජනපද උපදේශක ගුවන් කඳවුරට රොකට් ප්‍රහාර දෙකක් එල්ල වී තිබේ.

ඉරාක ඒකාබද්ධ මෙහෙයුම් විධානය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සෙනසුරාදා සවස බැග්ඩෑඩ් සිට කිලෝමීටර් 160 ක් බටහිර දෙසින් පිහිටි අන්බාර් පළාතේ එක්සත් ජනපද හමුදා විශේෂඥයින් සහ නියෝජිතායතන සිටින අල් අසාද් ගුවන් කඳවුරට රොකට් ප්‍රහාර දෙකක් එල්ල වූ බවයි.

මෙම ප්‍රහාර හේතුවෙන් කිසිවෙකුට හානියක් වී නොමැති බව එක්සත් ජනපද ආරක්ෂක අංශ පවසයි. කෙසේ වෙතත්, ප්‍රහාරවල වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නොමැති වුවත්, මේ පිළිබඳ පරීක්ෂණ සිදුවන බව සඳහන් වෙයි.



Recommended Articles