ඉරාකය සීනොෆාම් එන්නත් මිලදී ගැනීමට සූදානම් වෙයි


චීනයේ සීනොෆාම් විසින් නිපදවන ලද කොවිඩ්-19 එන්නත් ඉරාකය විසින් මිලදී ගනු ඇති බව ඉරාක අගමැති මුස්තාපා අල්-කද්මිගේ මාධ්‍ය කාර්යාලය ඊයේ (23දා) ප්‍රකාශ කළේය.

චීන එන්නතෙහි පළමු තොගය මාර්තු 1දා පැමිණෙන බව ඉරාක සෞඛ්‍ය අමාත්‍ය හසන් අල් තමිමි එදිනම තහවුරු කළේය.

ඉරාකයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 675,000ක් ඉක්මවා ඇති අතර, එරට වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 13,311කි.



Recommended Articles