ඉරාක සෞඛ්‍ය වෘත්තිකයන්ට සීනොෆාම් එන්නත විදියි


ඉරාකයේ වෛද්‍ය හා හෙද වෘත්තිකයන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට චීනයෙන් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත මාත්‍රාවන් ලබාදීම අරඹා තිබේ.

චීනය විසින් පරිත්‍යාග කළ සීනොෆාම් එන්නත් මාත්‍රා 50,000ක් පසුගියදා ඉරාකයේ බැග්ඩෑඩ් නගරය වෙත රැගෙන එන ලදී.

ඉදිරියේදී සියලුම පළාත් වාසීන් වෙත මෙම එන්නත ලබාදීමට පියවර ගන්නා බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබුණි.



Recommended Articles