ඉරාක රජයට එරෙහිව දකුණුදිග ඉරාකයේ පැවති උද්ඝෝෂණයක් වෙත රජයේ හමුදා එල්ල කළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්‍රථමයෙන්, බස්රා නුවර ගල්ෆ් වරාය ආසන්නයේදීද සිදුවූ වෙඩි තැබීමකින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 50කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, පෙරේදා නසිරියා නගරය ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ වූ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සමග ඇති වූ ගැටුම්වලින් මේ දක්වා පුද්ගලයන් 300ක් පමණ ජීවිතක්ෂයට පත්ව, තවත් 1,000කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
රට තුළ ගැටුම් අවසන් කිරීමත්, රැකියා උත්පාදනය කරමින්, දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් ඉල්ලා ජනතාව වීදිබැස තිබුණු අතර, විශේෂයෙන්ම දකුණුදිග ඉරාකය හා බැග්ඩෑඩ් අගනුවර මෙම උද්ඝෝෂණවලට තෝතැන්නක් වී තිබේ.