IS ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමීන් විසින් ඉරාකයේ නැගෙනහිර දියාලා පළාතේ ගම්මානයකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 11දෙනෙකු මිය ගොස් තවත් 15දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරාකයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානය පවසයි.
ප්‍රහාරය එල්ල වූයේ මුක්දාඩියා නගරයට ආසන්න අල්-හවාෂා ගම්මානයේ ආරක්ෂාවක් නොමැති සිවිල් වැසියන් පිරිසක් ඉලක්ක කර ගනිමින් බව වැඩිදුරටත් දැක්වේ.