ඉරාක උද්ඝෝෂකයන් පිරිසක් ස්වීඩන් තානාපති කාර්යාලයට


ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ස්වීඩන තානාපති කාර්යාල පරිශ්‍රයට උද්ඝෝෂකයන් විශාල පිරිසක් කඩා වැදී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ස්වීඩනයේ වෙසෙන ඉරාක ජාතිකයෙකු බව පැවසෙන සල්වාන් මොමිකා ස්ටොක්හෝම්හි මධ්‍යම පල්ලියෙන් පිටතදී ඉස්ලාමයේ ශුද්ධ ග්‍රන්ථයේ පිටපතකට ගිනි තැබීමේ සිද්ධිය මුල් කරගෙන තානාපති කාර්යාලය ඉදිරිපිට මුලින් විරෝධතාවක් පවත්වා තිබේ.

මෙසේ කුරානය ගිනි තැබීම මුස්ලිම් බහුතරයක් සිටින බොහෝ රටවල් විසින් හෙළා දකින ලදී.

සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝ දර්ශන දිස් වූයේ විරෝධතාකරුවන් විශාල පිරිසක් ස්වීඩන් තානාපති කාර්යාල පරිශ්‍රයේ ඔබමොබ ගමන් කරන ආකාරයයි.



Recommended Articles