ඉයුජිනි කුමරිය සහ ජැක් විවාහ මංගල්‍යයේ නිල ඡායාරූප එළිදකී


බ්‍රිතාන්‍ය රජපෙළපතේ ඉයුජින් කුමරිය සහ ජැක් බ්‍රෘක්ස්බෑන්ක් අතර පසුගියදා සිදුවූ රාජකීය විවාහ මංගල්‍යයේ නිල ඡායාරූප ප්‍රසිද්ධියට පත්කර ඇත.

ඡායාරූප ශිල්පී ඇලෙක්ස් බාර්මෝල් විසින් මෙම ඡායාරූප ලබාගෙන ඇති අතර, ඔවුන් අශ්වකරත්තයෙන් ගමන් කරන තුර සිප ගන්නා දසුනක් රැගත් කළුසුදු ඡායාරූපයක්ද ඒ අතර වෙයි.

බ්‍රිතාන්‍ය රජ කිරුළේ නව වැනි උරුමකාරිය ලෙස සැලකෙන ඉයුජින් කුමරිය විවාහ මංගල උත්සවය දා සැඳෑ සාදයට සිය සැමියා ජැක් සමග විශේෂිත ගවුමකින් සැරසී ආ ඡායාරූපයක්ද එහි වෙයි.

එමෙන්ම, ඔවුන් මල් කුමරි කුමරියන් සමග ගත් ඡායාරූප මෙන්ම දෙවැනි එළිසබෙත් රැජින සහ ෆිලිප් කුමරා ඇතුළු ඔවුන්ගේ දෙමුපියන් සමග ගත් සමූහ ඡායාරූපද මෙම නිල ඡායාරූප එකතුවට අයත්වෙයි.



Recommended Articles