ඉයුජින් කුමරියගේ මංගල ඇඳුම තමාට පිහිටවූවන් සිහිපත් කරලා


බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ මිණිබිරියක වන ඉයුජින් කුමරියගේ විවාහ මංගල්‍යය අවස්ථාවේදී ඇය ඇඟලා සිටි මංගල ඇඳුම ඇගේ ජීවිතයේ කුඩා අවදියේදී ඇයට පිහිට වූ පිරිස් සිහි කිරීම වෙනුවෙන් සැලසුම් කරන ලද්දක් බව ඇය කියයි.

මෙම රාජකීය විවාහ මංගල්‍යය ඊයේ (12දා) එංගලන්තයේ වින්ඩ්සර් මාලිගය ආශ්‍රිතව පිහිටි ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරේදී රාජකීයයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

බ්‍රිතාන්‍ය කිරීටයේ සිහසුනට නවවැනි උරුමකරු ලෙස සැලකෙන ඉයුජින් කුමරිය අතිනත ගත්තේ ඇගේ දීර්ඝ කාලීන පෙම්වතා වූ ජැක් බෲක්ස්බෑන්ක් සමගිනි.

දෙවැනි එළිසබෙත් මහ රැජින, ෆිලිප් කුමරු ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් සමග නළු, නිළියන්, ගායක, ගායිකාවන් ඇතුළු ආරාධිතයින් 850 දෙනෙක් මෙම උත්සවයට සහභාගි වූහ.

එහිදී, ඇය විවාහය අවස්ථාවේදී ඇඟලා සිටි මංගල ඇඳුම ගැන බොහෝදෙනෙකු මේ වනවිට කතාබහ කරන අතර, ඒ සඳහා හේතු වූ සුවිශේෂී අරමුණ කුමරිය මෙසේ විස්තර කර තිබුණි.

විශේෂයෙන්ම, එම මංගල ඇඳුමේ ඇගේ කොඳු ඇට පෙළ දිස්වන ආකාරයට එය නිර්මාණය කර තිබූ අතර, කුමරියට අවුරුදු 12ක් වනවිට ඇගේ කොඳුඇට පෙළ ආශ්‍රිතව ශල්‍යකර්මයක් සිදුකර තිබුණි.

එම සාර්ථක ශල්‍යකර්මයෙන් කුමරිය සුවය ලැබූ අතර, එම අවස්ථාවේදී ඇයට යළි ජීවය දුන් වෛද්‍යවරුන් ඇතුළු පිරිස් කරමින් ඒ සියලු දෙනාට කෘතගුණ සැලකීමක් ලෙස තමා මෙම මංගල ඇඳුම නිර්මාණය කර තිබූ බව කුමරිය කියයි.



Recommended Articles