ඉයන් සුළි කුණාටුව හේතුවෙන් කියුබානු සංක්රමණික යාත්රාවක් ගිලී යාමෙන් 20දෙනෙකු ෆ්ලොරිඩා වෙරළට ඔබ්බෙන් අතුරුදන්ව ඇති බව එක්සත් ජනපද දේශසීමා මුර සංචාරය (USBP) ප්රකාශ කළේය.
ෆ්ලොරිඩාවේ ස්ටොක් අයිලන්ඩ් හි සංක්රමණික මුදවා ගැනීමේ උත්සාහයකට USBP නියෝජිතයන් ප්රතිචාර දක්වා තිබුණි.
එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය අතුරුදන් වූ පුද්ගලයින් 23දෙනෙකු සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කළ අතර, ඉන් තිදෙනෙකු විඩාව සහ විජලනය වීමේ රෝග ලක්ෂණ සමග බේරාගෙන රෝහල් ගත කරන ලදී.
ප්රධාන මුර සංචාර නියෝජිත වෝල්ටර් ස්ලෝසාර් පැවසුවේ ඔවුන්ගේ යාත්රාව ගිලී යාමෙන් පසු කියුබානු සංක්රමණිකයන් හතර දෙනෙකු වෙරළට පිහිනා ගොස් ඇති අතර ඔවුන් මේ වන විට රෝහල්ගතව සිටින බවයි.
ඉයන් සුළි කුණාටුව ප්රාන්තයේ ගොඩබිමට පැමිණීමෙන් පසු මිලියන 1.5කට අධික පිරිසක් ෆ්ලොරිඩාවේ විදුලිය ඇනහිටීම් වාර්තා කර ඇති බව සීඑන්එන් පවසයි.