පකිස්තානයේ හිටපු අගමැති සහ පකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් සභාපති ඉම්රාන් ඛාන් නොවැම්බර් 8දා ඔහුට වෙඩි තැබූ වසිරාබාද් ප්‍රදේශයේ සිටම නැවතත් දැවැන්ත විරෝධතා පාගමනක් අරඹන බව පවසයි.
දින 10ත් - 15ත් යන කාලය තුළ රාවල්පින්ඩි වෙත ළඟාවන ඉම්රාන් ඛාන්, ඔවුන් සමග රාවල්පින්ඩි හිදී එක් වී එතැන් සිට විරෝධතාව මෙහෙයවීමට සැලසුම් කර ඇත.
ඛාන් ඉරිදා රෝහලක පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තමාට එරෙහි ඝාතන තැත ගැන විමර්ශනය කිරීම සඳහා රජය විසින් අධිකරණ කොමිසමක් ඉදිරිපත් කිරීම තමා සාදරයෙන් පිළිගන්නා බවයි.