ඉම්රාන් ඛාන්ගෙන් එරට හමුදා ප්‍රධානියාට චෝදනා


තමන් ඇතුළු තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන් පාකිස්තානයේ හමුදා ප්‍රධානියාට දෝෂාරෝපණය කරයි.

මෙම ක්‍රියාව තුළ ආරක්ෂක අංශවල වගකීම්විරහිත හැසිරීම සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී බල දේශපාලනය මනාව පිළිබිඹු වන බවද ඉම්රාන් ඛාන් පවසා සිටියේය.

"කිසිදු සැකයකින් තොරව මගේ අත්අඩංගුවට ගැනීම පිටුපස හමුදාව සිටිනවා. අද පාකිස්තානය පාලනය කරන්නේ හමුදා ප්‍රධානියා. අපව අත්අඩංගුවට ගනු ලැබුවේද හමුදාව" යනුවෙන් ඛාන් කියා සිටියේ ගාඩියන් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි.



Recommended Articles