බ්‍රිතාන්‍යයේ වානේ, වීදුරු, පිඟන් මැටි සහ කඩදාසි නිෂ්පාදකයින් ඇතුළු බලශක්තිය වැඩි වශයෙන් යොදා ගන්නා නිෂ්පාදකයින් රජයට අනතුරු අඟවා ඇත්තේ ඉන්ධන තොග මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීමක් සිදු නොකළහොත් නිෂ්පාදනය නැවැත්වීමට සිදුවන බවයි.
කර්මාන්ත ප්‍රධානීන් සිකුරාදා ව්‍යාපාර ඇමති ක්වාසි ක්වාර්ටෙන්ග් සමග සාකච්ඡා කළ නමුත් විසඳුමක් නොමැතිව සාකච්ඡා අවසන් වූ බව කියයි.
"රජය යම් ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම්, මූලික වශයෙන් වානේ අංශය සඳහා දවසේ යම් යම් කාලයන් තුළ නිෂ්පාදන නැවැත්වීම සිදුවේවි. නිෂ්පාදනය අඩාල වීමේ විරාමයන් තවදුරටත් දීර්ඝ වේවි." යනුවෙන් එක්සත් රාජධානියේ වානේ අධ්යක්ෂ ජනරාල් ගැරත් ස්ටේස් පැවසීය.
කඩදාසි කර්මාන්ත සම්මේලනයේ අධ්යක්ෂ ජනරාල් ඇන්ඩෘ ලාර්ජ් පැවසුවේ බලශක්ති පිරිවැය ඉහළ යාම හේතුවෙන් කර්මාන්ත ශාලාවලට නිෂ්පාදන කටයුතු අත්හිටුවීම බැහැර කළ නොහැකි බවයි.
කොවිඩ් -19 වසංගතයේ ගෝලීය ආතතීන් විසින් උත්සන්න කරන ලද අතරම, බ්‍රෙක්සිට් ක්‍රියාවලියෙන් පසුව ඇති වූ සේවක හිඟයද ඉන්ධනවල සිට කුකුළු මස් හා බෝතල් කළ ජලය දක්වා වූ බ්‍රිතාන්‍යයේ සැපයුම් දාමයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.