ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආසන්නයේ සිදුවූ රික්ටර් පරිමාණ 6.9ක භූ කම්පනයකින් පසුව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ මෙම භූ කම්පනයෙන් මීටර් 3ක පමණ සුනාමි රළක් ඇතිවිය හැකි බවයි.
භූ කම්පනය ජාවා දූපතෙන් කිලෝමීටර් 52.8ක් පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇති අතර, භූ කම්පනයේ ප්‍රබලත්වය ජකාර්තා ඇතුළු ඉන්දුනීසියානු නගර රැසකට දැනී තිබේ.