හදිසි භාවිතය සඳහා ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 මර්දන එන්නත ඉන්දුනීසියාව විසින් අනුමත කර ඇති බව එරට ආහාර හා ඖෂධ ඒජන්සිය ඊයේ (09දා) ප්‍රකාශ කළේය.
COVAX ගෝලීය එන්නත්-සන්ධාන යෝජනා ක්‍රමය හරහා එන්නත මාත්‍රාව මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් සඳුදා සවස් භාගයේ එරටට ළඟාවී තිබුණි.
කෙසේ වෙතත් චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද එන්න් මාත්‍රා මිලියන 38ක් පමණ මේ වනවිටත් ඉන්දුනීසියාවට පැමිණ ඇති අතර, සමහර ඒවා ජනවාරි මාසයේ සිට මහා එන්නත් කිරීමේ වැඩසටහන සඳහා භාවිත කර ඇත.