ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපත ආශ්‍රිතව රි.ප. 6.4ක භූ කම්පනයක්


ඉන්දුනිසියාවේ, ලොම්බොක් දූපත ආශ්‍රිතව රික්ටර් පරිමාණ 6.4ක භූ කම්පනයක් ඇති වී තිබෙන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

එරට බාලි දූපතේ සිට කලෝමීටර් 140ක් පමණ නැගෙනහිරින් මෙම භූ කම්පනය සිදුව තිබේ.

භූ කම්පනයේ අපිකේන්ද්‍රය කිලෝමීටර් 7.5ක් පමණ පොළොව අභ්‍යන්තරයේ පැවති බවද එම ආයතනය පවසයි.

කෙසේ වෙතත්, එම ආයතනය විසින් මෙම භූ කම්පනය සම්බන්ධයෙන් කහ අනතුරු ඇඟවීමක් පමණක් සිදුකර ඇති අතර, ඉන් කියැවෙන්නේ මෙමගින් හානි සිදුවීම් බලාපොරොත්තු විය හැකි වුවත් එය එම ප්‍රදේශයට පමණක් බලපාන බවකි.

එමෙන්ම භූ කම්පනය සිදුවූ ප්‍රදේශය රින්ජානි ගිනි කන්ද ආසන්නයේ පැවතීමද විශේෂත්වයක් වන අතර, මෙම භූ කම්පනය හේතුවෙන් ඔස්ට්‍රේලියාව, ඉන්දියාව හෝ ඉන්දුනීසියාව සුනාමි අනතුරු ඇඟවීම් සිදුකර නැත.



Recommended Articles