යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට (EMSC) අනුව, සෙනසුරාදා උදෑසන ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රදේශයේ රික්ටර් පරිමාණ 6.1ක භූමිකම්පාවක් ඇති වූ අතර ඉන් පසුව පැය භාගයකට පමණ පසු රික්ටර් පරිමාණයේ 6.2ක තවත් ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබේ.
පළමු භූමිකම්පාව කිලෝමීටර් 15ක් ගැඹුරට සිදු වූ අතර දෙවැන්න කිලෝමීටර් 40ක් ගැඹුරින් සිදු වූ බව EMSC පවසයි.
කිසිදු ජීවිත හෝ දේපළ හානියක් බලධාරීන් විසින් වහාම වාර්තා නොකළ නමුත් ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා සහ භූ භෞතික විද්‍යා ඒජන්සිය ට්විටර් පණිවුඩයක් මගින් මධ්‍යස්ථ සෙලවීම් සහ සැහැල්ලු හානි පිළිබඳව අනතුරු ඇඟවීය.