ඉන්දුනීසියාවේ දකුණු වෙරළ අසාන්නව ප්‍රබල භූකම්පාවක්


ඉන්දුනීසියාවේ නැබයර් නගරයට නිරිත දෙසින් කිලෝ මීටර් 203ක් (සැතපුම් 126 ක්) දුරින් රික්ටර් පරිමාණ 5.9ක ප්‍රබල භූ කම්පනයක් අද (02දා) වාර්තා වූ බව යුරෝපා මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානය පවසයි.

මෙම භූමිකම්පාවේ අපිකේන්ද්‍රය ඉන්දුනීසියාවේ නැගෙනහිර පැපුවා කලාපයේ ටුවල් නගරයට ඊසාන දෙසින් කි.මී 180ක් දුරින් සහ කි.මී 13ක් (සැතපුම් 7.5ක්) ගැඹුරින් සටහන් වී වී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්‍ෂණ ආයතනය පැවසීය. කෙසේ වෙතත්, සුනාමි අනතුරු ඇඟවීමක් හෝ හානි පිළිබඳ ක්ෂණික වාර්තාවක්ද ලැබී නොතිබුණි.

ජපානයේ සිට අග්නිදිග ආසියාව හරහා සහ පැසිෆික් ද්‍රෝණිය හරහා විහිදෙන භූ තලය, දැඩි භූ කම්පන ක්‍රියාකාරී කලාපය වන පැසිෆික් සාගරයේ "ගිනි වලල්ල" මත පිහිටීම හේතුවෙන් ඉන්දුනීසියාවට නිතර භූ කම්පන ඇති වේ.



Recommended Articles