ඉන්දුනීසියාව තුළ සංවර්ධනයේදී පක්ෂ - විපක්ෂ භේද නොසලකයි


ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ සහ විරුද්ධ පක්ෂ නායක ප්‍රබෝවෝ සුබිඅන්ටෝ මෑතකදී පැවති ජනපතිවරණයෙන් පසුව ප්‍රථම වරට දුම්රිය ගමනක් අතරතුර එකිනෙකා හමුව තිබේ.

අප්‍රේල් මස පැවති ඉන්දුනීසියානු ජනපතිවරණයෙන් විඩෝඩෝ යළි බලයට පත්වූ අතර, වංචනික ලෙස මැතිවරණය ජයග්‍රහණය කළ බවට විරුද්ධ පක්ෂය එවකට චෝදනා කළේය.

මෙම මැතිවරණයෙන් පසුව විරුද්ධ පක්ෂ ආධාරකරුවන් සංවිධානය කළ විරෝධතා අතරතුර පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

කෙසේ වෙතත්, ජකර්තා නුවර නව දුම්රිය ප්‍රවාහන පද්ධතිය එළිදැක්වූ අවස්ථාවේදී මෙම නායක දෙපළ ඔවුන්ගේ එදිරිවාදීකම් පසෙකලා දුම්රියක නැගී ගමන් කළේ මෙසේය.

විශේෂයෙන්ම ජනපති ධුරයක් දැරීම යනු ප්‍රශ්න රැසකට මුහුණදීමක් බව පවසා තිබූ විරුද්ධ පක්ෂ නායකයා, තමා ඔහුගේ ඒ බැරෑරුම් ප්‍රශ්නවලට සහනයක් වීමට සූදානමින් සිටින බවද පවසා තිබුණි.



Recommended Articles