ඉන්දුනීසියානු මුහුදේ ප්‍රබල භූ කම්පනයක් වාර්තා වෙයි


ඉන්දුනීසියාවේ හල්මහෙරා නගරයට උතුරින් රික්ටර් පරිමාණ 6.5ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුව ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) පවසයි.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය සාගරයෙහි කිලෝමීටර් 105ක් පමණ ගැඹුරින් පැවති බවද සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් හෝ සිදුව ඇති හානි පිළිබඳ මෙතෙක් වාර්තා වීමක් නැත.



Recommended Articles