ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ පා ගමනින් සංචාරයක නිරත වූ සිසුන් 11 දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙම අනතුරින් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
වයස අවුරුදු 13 සිට 15 දක්වා වයස්වල පසුවන ඉස්ලාමීය බාලදක්ෂ කණ්ඩායමක සාමාජිකයින් 150ක් පමණ සිලියුලියර් ගඟ දිගේ ඇවිද යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
ගලවා ගැනීමේ නිලධාරියෙකු පවසා තිබුණේ තුවාල ලැබූ තරුණයින් මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවයි.