ඉන්දුනීසියාවේ සුලවෙසි දූපත ආශ්‍රිතව සිදුවූ භූ කම්පනය හා සුනාමි ඛේදවාචකයේ මුදාගැනීමේ මෙහෙයුම් අවසන් කළ බව එරට බලධාරීහු පවසති.
මෙම දරුණු ස්වභාවික විපතින් පුද්ගලයන් 1,800කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 700කට ආසන්න පිරිසක් අතුරුදන්ව සිටිති.
ඒ අනුව, සමස්ත මියගිය සංඛ්‍යාව 2,500ක් පමණ වියහැකි බවටද එරට මාධ්‍ය පෙන්වා දෙයි. එමෙන්ම, මෙම ඛේදවාචකයකට ගොදුරුව තුවාල ලැබූ පුද්ගලයන් 2,600ක් පමණ සිටින අතර, ඔවුන්ගෙන් වැඩි පිරිසක් තවමත් රෝහල් හා තාවකාලික කඳවුරුවල ප්‍රතිකාර ලබති.
භූ කම්පනයෙන් පසුව මීටර් 6ක් පමණ උසට නැගුණු සුනාමි රළ පහර වඩාත් ප්‍රබලව ඇති වූ පළාත ලෙස පාලු ප්‍රදේශය සැලකෙයි.
2018 සැප්තැම්බර් 28 වැනිදා රික්ටර් පරිමාණ 7.5ක ප්‍රබල භූ කම්පනය නිසා එම පළාතේ ස්ථිර ගොඩනැගිලි ඇතුළුව ගොඩනැගිල් රැසක් සම්පූර්ණයෙන්ම පාහේ සුන්බුන් බවට පත්විය.
පසුගිය සෙනසුරාදා සිදුකළ මුදාගැනීමේ මෙහෙයුම්වලදී එක් ස්ථානයක තිබී මළ සිරුරු 30ක් හමුවී තිබුණි. ඉරිදා දිනයේද යම් ප්‍රමාණයක් හමුවී තිබුණි.
කෙසේ වෙතත්, තවදුරටත් ජීවතුන් අතර සිටිය හැකි පිරිස් පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි බව බලධාරීහු පෙන්වා දෙති.
මෙම ඛේදවාචකය හේතුවෙන් පුද්ගලයන් 70,000කට උන්හිටි තැන් අහිමිව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙන අතර, එරට රජය කෙරෙහි ප්‍රබල අප්‍රසාදයක් ඇති කිරීමටද මෙම සිදුවීම් මාලාව හේතු වී තිබේ.