නවසීලන්ත ජාතික ගුවන් නියමුවෙකු ඉන්දුනීසියාවේ පැපුවා කලාපයේ සිටින බෙදුම්වාදී සටන්කරුවන්ගේ ග්රහණයට ලක්ව ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනුණු සටන්කරුවන් පිරිසක් රැගත් ඡායාරූප කිහිපයක් මේ වනවිට ප්රසිද්ධියට පත්කර තිබේ.
මෙම ගුවන් නියමුවා ෆිලිප් මර්හ්ටන් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු ගමන්ගත කුඩා ගුවන් යානය කඳුකරයේ පිහිටි පාරෝ ගුවන් තොටුපොළට ගොඩබැස්වීමෙන් පසුව මෙසේ බෙදුම්වාදීන්ගේ ග්රහණයට ලක්ව ඇත.
එහිදී ඔවුන් විසින් මෙම ගුවන් යානය ගිනිබත් කර ඇති අතර, යානයට ගිනිතබා ඇති ආකාරය දැක්වෙන ඡායාරූපද මේ සමග ප්රසිද්ධ කර ඇත.
පැපුවා කලාපයේ නිදහස ලබා නොදෙන තෙක් ගුවන් නියමුවා නිදහස් නොකරන බව බෙදුම්වාදීන් පවසා සිටියත්, ඉන්දුනීසියානු රජය විසින් මෙම බෙදුම්වාදීන් සලකනු ලබන්නේ ත්රස්තවාදීන් ලෙසිනි.