ඉන්දුනීසියා කොවිඩ් මරණ 100,000 සීමාව පසු කරලා


ඉන්දුනීසියාව කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ 100,000ක වඩාත් දරුණු සන්ධිස්ථානයක් වාර්තා කළ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දුන්නේ, අග්නිදිග ආසියානු රට මෑතකදී ගෝලීය වශයෙන් සිදුවූ මරණවලින් පහෙන් එකක් වාර්තා කර ඇති බව සඳහන් කරමිනි.

රට ඉතා ඉක්මණින් ආසියාවේ කොරෝනා වෛරස කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති හෙයින්, පසුගිය මාසය තුළ ඉන්දුනීසියාව ඉතා බෝවන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් වේගවත් ආසාදන හා මරණ රැල්ලකට එරෙහිව සටන් කරමින් සිටියි.

අද (04දා) දත්තවලින් පෙන්නුම් කළේ ඉන්දුනීසියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 3.53ක් දක්වා ඉහළ ගොස් ඇති බවය. එමෙන්ම මරණ 1,747ක් සමග සමස්ත මරණ සංඛ්‍යාව අද දිනයේ 100,636ක් ලෙස සටහන් විය. නමුත් ඉන්දුනීසියාව තුළ සත්‍ය මරණ සංඛ්‍යාව ඊට වඩා වැඩි යැයි මහජන සෞඛ්‍ය විශේෂඥයෝ විශ්වාස කරති.

මැයි අවසානයේදී ඉන්දුනීසියාවේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 50,000ක් පමණ වූ අතර, ඉන් අදහස් කරන්නේ එතැන් සිට මරණ සංඛ්‍යාව දෙගුණයක් වී ඇති බවයි.



Recommended Articles