ඉන්දුනිසියානු පළාත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ගිනිබත් කරලාලු


ඉන්දුනීසියාවේ, බටහිර පැපුවා හි නැගෙනහිර පළාත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට විරෝධතාකරුවන් පිරිසක් විසින් ගිනි තැබූ පුවතක් වාර්තා වෙයි.

කෙසේ වෙතත්, පසුව ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් විරෝධතාකරුවන් එම ස්ථානයෙන් පළවා හැරීමට කටුයතු කර තිබුණි.

කෙසේ වෙතත්, එම පළාතේ මැනෝක්වරී අගනගරයේ සිදුවූ ප්‍රචණ්ඩක්‍රියා හේතුවෙන් ව්‍යාපාරික ස්ථාන සහ රථවාහන රැසක්ද විරෝධතාකරුවන් විසින් ගිනිබත් කර තිබේ.

පැවති ලන්දේසි යටත්විජිතයක් ලෙස සැලකෙන මෙම පළාත වර්ෂ 1960 දි නිදහස ලැබූවත් පැපුවා සහ බටහිර පැපුවා ලෙස බෙදිවෙන්වීම හේතුවෙන් මෙවැනි ගැටුම් වරින්වර උත්සන්න විය.

මෙම සිදුවීම් සම්බ්න්ධයෙන් ශිෂ්‍ය ක්‍රියාකාරීන් රැසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දුනීසියානු බලධාරීහු පවසති.



Recommended Articles