ඉන්දීය විදේශ ඇමතිත් කොවිඩ් ආසාදිත ලැයිස්තුවට


ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව ඔහු  ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

අමාත්‍යවරයා කියා සිටියේ, "මෑතකදී තමා සමග සම්බන්ධ වූ සියලු දෙනාට සුදුසු පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස තමන් ඉල්ලා සිටිනවා" යනුවෙනි.

ඔමික්‍රෝන් ප්‍රභේදය සමග ඉන්දියාවේ දෛනික ආසාදිතයන්ගේ යළිත් ඉහළ යාමක් දක්නට ලැබෙන අතර, මේ සමග රටේ සෞඛ්‍යාරක්ෂක පුරුදු හා නීතිරීති දැඩි කිරීමටද බලධාරීන් කටයුතු කර තිබේ.



Recommended Articles