ඉන්දීය වැඩිම ආසාදිතයන් මහාරාෂ්ට්‍ර සහ තමිල්නාඩු ප්‍රාන්තවලින් වාර්තා වෙයි


ඉන්දියාව ගෙවීගිය දින 6ක කාලය තුළ දෛනික ආසාදිත අගය 18,000 සහ 20,000 අතර වාර්තා කරමින් මේ වනවිට සමස්ත ආසාදිත අගය 600,000 සීමාව කරා පැමිණ තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (02දා) ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය දක්වා තිබුණේ 584,493ක් ලෙසිනි.

ඉන්දියාවේ ආසාදිතයන් වාර්තා වීම සැලකීමේදී වැඩිම ආසාදිතයන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන අතර, එම අගය 174,761කි. එමෙන්ම වඩා උණුසුම් දේශගුණයක් පවතින තමිල්නාඩු ප්‍රාන්තය දෙවනුවට වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන ප්‍රාන්තය ලෙස ආසාදිතයන් 90,167ක් වාර්තා වෙයි. මීට අමතරව දිල්ලියෙන්ද ආසාදිතයන් 87,360ක් වාර්තා වන අතර, සමස්තයත් ලෙස ඉන්දියාව පුරාම ආසාදිතයන් වාර්තා වීමක් දැකිය හැකිය.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට අනුව ඉන්දියව තුළ මේ වනවිට ආසාදිත මරණ 17,400ක් වාර්තා වන අතර, නව දිල්ලි නගරය වෛරසයෙන් වැඩියෙන්ම බැටකෑ වෛරසයේ අපිකේන්ද්‍රය බවට පත්ව ඇත.



Recommended Articles