ඉන්දීය නොවාවැක්ස් WHO හදිසි භාවිතයට අනුමැතිය


ලෝක සෞඛ්‍ය සංවිධානය සිකුරාදා ඉන්දියාවේ නොවාවැක්ස් ආයතනයේ කොවිඩ්-19 මර්දන එන්නත හදිසි භාවිත ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිටුබලය ලබන COVAX වැඩසටහන සඳහා එන්නත් ලබාදීමට මෙම ආයතනයට අවස්ථාව හිමිවෙයි.

නිෂ්පාදනයන් වේගවත් කරමින් සැලකිය යුතු සංධිස්ථානයක පසුවන නොවාවැක්ස් හි මෙම ප්‍රවෘත්තිය සමග එහි කොටස් අගය 6.4% කින් ඉහළ ගියේය.

"මෙම ලැයිස්තුගත කිරීම විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී රටවල ප්‍රවේශය වැඩි කිරීම අරමුණු කර ගෙන ඇති අතර, ඉන් රටවල් 41කට තවමත් ඔවුන්ගේ ජනගහනයෙන් 10%කට එන්නත් කිරීමට නොහැකි වී තිබෙනවා. රටවල් 98ක් 40%කට ළඟා වී නැහැ" ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මරියංජෙලා සිමාඕ ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන සඳහා ප්‍රවේශය සඳහා ප්‍රකාශයෙන් සඳහන් කළේය.

ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන නොවාවැක්ස් සහ සේරම් ආයතනය එක්ව COVAX පහසුකම සඳහා මාත්‍රා බිලියන 1.1කට වඩා ලබා දීමට කැපවී සිටිති.

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයන්ද ඇතුළුව නොවාවැක්ස් එන්නත 90% කට වඩා ඵලදායී බව පෙන්නුම් කර තිබේ.



Recommended Articles