මෙම සතිය මුලදී අතුරුදහන් වූ 19 හැවිරිදි පිළිගැනීමේ නිලධාරිනියක වන අංකිතා භණ්ඩාරිගේ සිරුර සෙනසුරාදා ඉන්දීය පොලිසිය විසින් සොයාගෙන තිබේ.
පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) ප්රමුඛ දේශපාලනඥයෙකුගේ පුත් පුල්කිත් ආර්යා ප්‍රධාන සැකකරු ලෙස නම් කිරීමෙන් පසු මෙම ඝාතනය දැවැන්ත මහජන කෝපයට හේතු වී ඇති අතර දේශපාලන නොරිස්සුමකට තුඩුදී ඇත.
රිෂිකේෂ් නගරයේ ආර්යාට අයත් වනතාරා නිවාඩු නිකේතනයේ සේවය කළ භණ්ඩාරි, ආයතනයේ කළමනාකාරිත්වය සමග ඇති වූ ආරවුලකින් පසු මෙම සතිය මුලදී අතුරුදහන් විය. ප්‍රාදේශීය පොලිසිය තහවුරු කළේ වින්දිතයාට ආර්යා සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු විසින් නිවාඩු නිකේතනයට පැමිණෙන අමුත්තන්ට විශේෂ සේවා සැපයීමට බල කරන බවයි. ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවලට අනුව, භණ්ඩාරි තම මිතුරියට පැමිණිලි කර ඇත්තේ කළමනාකාරිත්වය නිවාඩු නිකේතනයේ අමුත්තන් සමග ලිංගිකව එක්වන ලෙස ඉල්ලා සිටින බවය. එසේම ඇය අතුරුදන් වීමට මොහොතකට පෙර තමා කරදරයක සිටින බවත්, ඔවුන් තමාව ගණිකාවක් බවට පත් කිරීමට උත්සාහ කරන බවත් ඇය වට්ස්ඇප් පණිවුඩයක කියා ඇත.