ඉන්දීය දුම්රිය අනතුරට හේතුව සංඥා දෝෂයක්?


ඉන්දියාවේ ඔඩීෂා හි සිදුවූ දුම්රිය අනතුරේ මරණ සංඛ්‍යාව අද (04දා) වනවිට 288ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර, මෙය තවදුරටත් ඉහළ යා හැකි බවට විශ්වාස කෙරේ.

සිකුරාදා සිදුවූ දුම්රිය අනතුරින් පසුව සුන්බුන් වී ගිය දුම්රිය පෙට්ට් අතර සිරවී සිටි මිනිසුන් බේරාගැනීමේ මෙහෙයුම දැවැන්ත මෙහෙයුමක් බවට පත්වූ අතර, එහිදී පුද්ගලයන් 1,100ක් පමණ බේරාගෙන තිබුණි.

එසේ බේරාගත් අයගෙන් 500කට ආසන්න පිරිසක් ආසන්න රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙය දශක දෙකක කාලයකදී ඉන්දියාවේ සිදුවූ දරුණුතම දුම්රිය ඛේදවාචකය ලෙස ඉතිහාසගත වී අවසන්ය. එහිදී, දුම්රිය සංඥා පද්ධතියේ දෝෂයක් මෙම අනතුරට හේතුව බවද එරට ප්‍රවාහන අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර, මෙම අවාසනාවන්ත සිදුවීම හමුවේ ඉන්දීය ප්‍රවාහන අමාත්‍යවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව කොංග්‍රසය පවසයි.



Recommended Articles