ඉන්දීය තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය ලොක්ඩවුන්


ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන බැංගලෝරය ඊයේ (14දා) සිට යළිත් සම්පූර්ණ අගුලු දැමීමකට පත්කර තිබේ.

රටේ නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයකට ආසන්නව ඉහළ ගොස් ඇති අතර, දෛනිකව පුද්ගලයින් 500ක් පමණ ජීවිතක්ෂයට පත්වෙයි.

මාර්තු අගදී ලෝකයේ දැඩි අගුලු දැමීම්වලින් එකක් ඉන්දියාව තුළ පැනවීමෙන් පසුව, එරටට ඇතිවිය හැකි විශාල ආර්ථික බලපෑමක් අවම කිරීම සඳහා නීති රීති ලිහිල් කරමින් සිටියේය.

නමුත් මේ වනවිට ඉන්දියාව ලෝකයේ තෙවනුවට වැඩිම ආසාදිතයන් වාර්තා වන රට ලෙස සැලකෙන අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව අද (15දා) උදෑසන වනවිට සමස්ත ආසාදිත අගය 906,752ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම ඉන්දියාවේ වෛරසය ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 23,727කි.



Recommended Articles