ඉන්දීය ජනාකීර්ණම ප්‍රාන්තය දරු දෙදෙනාගේ ප්‍රතිපත්තියට


ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය පවුලකට දරුවන් දෙදෙනෙකුට වඩා සිටීම අධෛර්යමත් කිරීම අරමුණු කරගත් නීති සම්පාදනය කර තිබේ.

ඒ අනුව මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලක පක්ෂය විසින් කටයුතු කළ දෙවැනි ප්‍රාන්තය වන්නේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයයි.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය තුළ පමණක් මිලියන 240ක ජනතාව ජීවත් වන අතර, එය රටක් ලෙස සැලකුවහොත් ලෝකයේ පස්වැනි වැඩිම ජනගහනය සහිත රට බවට පත්වනු ඇත. උතුරු ප්‍රාන්තයේ ජනගහන ඝනත්වය ජාතික සාමාන්‍යයට වඩා දෙගුණයකටත් වඩා වැඩිය.

අද (10දා) එළිදක්වන ලද ප්‍රාන්ත රජයේ යෝජනා යටතේ, දරුවන් දෙදෙනෙකුට වඩා සිටින යුවළයන්ට රජයේ ප්‍රතිලාභ හෝ සහනාධාර ලබා ගැනීමට ඉඩ නොදෙන අතර, ප්‍රාන්ත රජයේ රැකියා සඳහා අයදුම් කිරීම තහනම් කරයි.

පනතේ සඳහන් වන්නේ රජයේ පාරිසරික හා ආර්ථික සම්පත් සීමිත බැවින්, මානව ජීවිතයේ මූලික අවශ්‍යතා සැපයීම සියලු පුරවැසියන්ට ලබාගත හැකිවීම අත්‍යවශ්‍ය හා හදිසි තත්ත්වයක් බවයි.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඒක පුද්ගල ආදායම ජාතික සාමාන්‍යයෙන් අඩකටත් වඩා අඩුය.



Recommended Articles