ඉන්දියාවේ, ගුවහාති මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 55ක් පමණ නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂාවක් කර ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.
ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ සෞඛ්‍ය හා බන්ධනාගාර දෙපාර්තමේන්තු බලධාරීන් පසුගිය දින කිහිපය තුළ කොවිඩ්-19 වෛරසය සිරගෙවල් තුළට පිවිසියේ කෙසේද යන්න පිළිබඳව සොයා බලමින් සිටින බවයි.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව එරට ඇසෑම් ඇතුළු ඊසානදිග කලාපයේ විවිධ ප්‍රාන්ත රජයන් සිරගෙවල්වල නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට පියවර කිහිපයක් ගෙන තිබේ.
එහිදී මූලක වශයෙන් බන්ධනාගාර තුළ වසංගතය වැළැක්වීම සඳහා ඊසානදිග ප්‍රාන්ත 8ම සිරකරුවන් දහස් ගණනක් දැනටමත් අතුරු ඇපයක් හෝ යම් යම් කොන්දේසි මත නිදහස් කර තිබේ.
කෙසේ වෙතත් ඇසෑම් හි ප්‍රකට ක්‍රියාකාරිකයෙකු වූ බන්ධනාගාරගත අඛිල් ගොගෝයි, නව කොරෝනා වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කළ බවට පළ වූ මාධ්‍ය වාර්තා එම ප්‍රාන්ත රජය ප්‍රතික්ෂේප කර තිබේ.
නමුත් ඔහුගේ නීතී උපදේශක සන්තනු බර්තාකූර් මාධ්‍යයට පැවසුවේ, ගොගෝයි කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බවට තමාට ආරංචියක් ලැබී ඇති බවයි.
මේ වනවිට ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 820,916ක් වන අතර, මරණ සංඛ්‍යාව 22,123ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.