ඉන්දීය කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 25ක සීමාව කරා ඇවිත්


ඉන්දියාවේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 25ක සීමාව කරා පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

ගෙවීගිය දිනයේදී ඉන්දියාවෙන් ආසාදිතයන් 64,553 ක් වාර්තා වී තිබූ අතර, එම දිනය තුළ සිදුව තිබූ මරණ සංඛ්‍යාව 1,007ක් බව මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට අනුව මේ වනවිට රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 24,61,190ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 48,040කි.

එසේම කොවිඩ්-19 රෝගීන් 17,51,555 දෙනෙකු ආසාදනයෙන් සුවය ලබා ඇති අතර සුවවීමේ අනුපාතය 70.17%ක් දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍යාංශය පවසයි.



Recommended Articles