ඉන්දීය කොවිඩ් ආසාදිතයන් මිලියන භාගයද ඉක්මවා යයි


ගෙවීගිය සෙනසුරාදා දිනයේදී ඉන්දියාවෙන් පැය 24ක කාලයක් තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් 18,552ක් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම සංඛ්‍යාවද සමග ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන භාගයක සීමාවද ඉක්මවා ගොස් තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (28දා) අලුයම එරට සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය දක්වා තිබුණේ 508,953ක් ලෙසිනි.

කෙසේ වෙතත් මෙම අගයෙන් ආසාදිතයන් 295,000කට වැඩි පිරිසක් සුවය ලබා ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය පසුගිය දින තුළ වෛරසය ආශ්‍රිත නව මරණ 384ක් වාර්තා කර ඇති අතර එම සංඛ්‍යාව සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 15,685ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දියාවේ ආසාදිතයන් වැඩිම වාර්තා වන නගර ලෙස දිල්ලිය මේ වනවිට පෙරමුණ ගෙන ඇති අතර, මුම්බායි නගරයද ආසාදිතයන් වේගයෙන් වැඩිවෙමින් තිබේ. එසේම තමිල්නාඩු ප්‍රාන්තයේද නගර රැසක ආසාදිතයන්ගේ වැඩිවීමක් වාර්තා වී ඇත.



Recommended Articles