ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් සහ බිහාර් ප්‍රාන්තවලට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුරින් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ නිසා මහා මාර්ග හා දුම්රිය ගමනාගමනය, සෞඛ්‍ය සේවා, පාසල් කටයුතු අඩාල වී ඇති අතර, ප්‍රදේශ රැසක් විදුලිය ඇණහිටීම්ද සිදුව තිබේ.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය පවසා සිටියේ පසුගිය බ්‍රහස්පතින්දා දිනය වනවිට පුද්ගලයන් 93 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නිල වශයෙන් වාර්තා ලැබුණු බවයි.
මේ අතර, එම ප්‍රාන්තයේ සිරකඳවුරක්ද ජලයෙන් යටවීම නිසා සිරකරුවන් වෙනත් කඳවුරු වෙත රැගෙන යාමටද බලධාරීන්ට සිදුවිය.
මේ අතර, බිහාර් ප්‍රාන්තයේ මරණ සංඛ්‍යාව 29ක් ලෙස මේ වනවිට ගණන් බලා ඇති අතර, ආපදා කළමනාකරණ ආයතන පවසා සිටියේ මරණ සංඛ්‍යාව තව වැඩිවිය හැකි බවයි.