ඉන්දීය MiG-21 ප්‍රහාරක යානයක් අනතුරට පත්වේ


ඉන්දීය ගුවන් හමුදාවට අයත් MiG-21 ප්‍රහාරක ගුවන් යානයක් බටහිර රාජස්ථාන් ප්‍රාන්තයේදී කඩා වැටී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් යානය සිකුරාදා පුහුණුවීම් අතරතුර කඩා වැටී ඇති අතර, නියමුවා පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

"සිකුරාදා සවස, රාත්‍රී 8:30 ට පමණ (දේශීය වේලාවෙන්), ගුවන් හමුදාවේ MiG-21 යානයක් බටහිර අංශයේ පුහුණුවීම් අතරතුර පියාසර කිරීමේදී අනතුරකට ලක් විය. වැඩිදුර විස්තර බලාපොරොත්තු වෙමු. ඉන්දීය ගුවන් හමුදාව විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

රාජස්ථානයේ ජයිසල්මර් දිස්ත්‍රික්කයේ සෑම් පොලිස් ස්ථානයට අයත් කාන්තාර ජාතික වනෝද්‍යාන ප්‍රදේශයට යානය කඩා වැටී ඇති බව පොලිසිය උපුටා දක්වමින් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් හමුදාවට අනුව, අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇත.



Recommended Articles