ඉන්දියාවේ සහල් මෝලක සිදුවූ හදිසි අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
උතුරු ඉන්දියාවේ, හර්යානා ප්රාන්තයේ පිහිටි මහල් තුනකින් යුතු මෙම සහල් මෝල රාත්රී කාලයේ කඩා වැටීම නිසා මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී තවත් විශාල පිරිසක් එහි සේවයේ යෙදී සිටි බැවින් තවත් අය සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙයි.
එමෙන්ම, මෙම අනතුරින් තවත් 18දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද ප්රාන්ත බලධාරීන් සඳහන් කරයි.