ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිකා වෛරස් රෝගීන් වැඩිවීමත් සමග ඔවුන් සීරුවෙන් සිටින බව ඉන්දියාවේ අගනුවර දිල්ලි කලාපයේ බලධාරීන් ප්‍රකාශ කරයි.
සෙනසුරාදා, උත්තර් ප්‍රදේශ් හි කාන්පූර් දිස්ත්‍රික්කයේ නව රෝගීන් 13ක් වාර්තා වූ අතර, එය පසුගිය සති දෙක තුළ ප්‍රාන්තයේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 79ක් දක්වා ගෙන ගියේය.
දිල්ලි නියෝජ්‍ය මහ ඇමති මනීෂ් සිසෝඩියා පැවසුවේ තම රජය සීරුවෙන් සහ වර්ධනයන් පිළිබඳව විමසිල්ලෙන් සිටින බවයි.
උත්තර් ප්‍රදේශ් දිල්ලිය සමග මායිම් වී ඇති අතර දහස් ගණනක් ජනයා අගනුවරට පැමිණීම හා ආපසු යාම සිදුවෙයි.
තත්ත්වය විසඳීම සඳහා උත්තර් ප්‍රදේශ්හි බලධාරීන් විසින් රෝගය පැතිරුණු ප්‍රදේශවලට නාගරික කණ්ඩායම් යොදවා ඇත. මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීම සඳහා දුම් ගැසීම වැනි අවශ්‍ය ක්‍රියාමාර්ග වෙනුවෙන් එම කණ්ඩායම් විසින් පරීක්ෂණ සිදු කරමින් පවතී.
සිකා යනු මදුරුවන්ගෙන් බෝවන වෛරසයක් වන අතර එය ප්‍රථම වරට 1947 දී හඳුනා ගන්නා ලදී. 2015 දී බ්‍රසීලයේ විශාල පැතිරීමක් සිදුවිය. ගර්භිනී කාන්තාවන්ට ආසාදනය වූ විට දරුණු උපත් ආබාධ ඇති විය හැකි බව අනාවරණය වනතුරු වෛරසය ප්‍රධාන සෞඛ්‍ය තර්ජනයක් ලෙස නොසැලකිණි.