මනුෂ්‍ය ඝාතනයක් සහ ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක්ව සිටින ගුරු රාම් රහීම් සිං වෙත මාස 12ක කාලයක තුළ සිව්වැනි වතාවටත් තාවකාලික නිදහසක් ලබාදී තිබේ.
දේරා සාචා සවුදා නමැති ආගමික සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන මොහු තමාගේ පිහිට අපේක්ෂාවෙන් පැමිණි තරුණියන් දෙදෙනෙකු දූෂණය කිරීමේ වරදට වසර 20ක සිර දඬුවමකට ලක්ව සිටි අතර, ඔහුගේ මෙම අනංග ක්‍රියා හෙළිකළ මාධ්‍යවේදියෙකු ඝාතනය කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක්ව සිටියි.
මේ ආකාරයෙන් අධිකරණය මගින් බන්ධනාගාරගත කළ අයෙකු වෙත නිදහස් විරාමයන් ලබාදීම එරට කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.