ඉන්දියාවේ සමස්ත ආසාදන මිලියන 20කට ආසන්න වේ


ඉන්දියාවේ නව කොවිඩ්-19 ආසාදිතයන් ගෙවීගිය පැය 24 තුළ 368,147ක් වාර්තා වී ඇති අතර, ඒ සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 19,925,604ක් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඉරිදා උදෑසන සිට තවත් මරණ 3,417ක් වාර්තා වූ අතර, මේ සමග සමස්ත මරණ සංඛ්‍යාව 218,949ක් විය.

මෙය අඛණ්ඩව දින 11ක් ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 3ක සීමාව ඉක්මවා ගිය තත්ත්වයකි.

රට තුළ මේ වනවිට ක්‍රියාකාරී ආසාදිතයන් 3,413,642 ක් සිටින අතර, පුද්ගලයින් 16,293,003ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.



Recommended Articles