ඉන්දියාවේ සඳ තරණය එලැඹෙන සැප්තැම්බරයේදී සාර්ථක වේවිද?


ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් එලැඹෙන සැප්තැම්බර් මාසයේදී සඳ වෙත යැවීමට සූදානම් කළ අභ්‍යවකාශ යානය එළිදක්වා තිබේ.

මෙය සාර්ථක වුවහොත් සඳ වෙත අභ්‍යවකාශ යානයක් සුමටව ගොඩබස්වන ලොව සිව්වැනි රාජ්‍ය බවට ඉන්දියාව පත්වනු ඇත. මීට පෙර ඇමෙරිකාව, සොවියට් දේශය සහ චීනය මෙම සමත්කම කළේය.

චන්ද්‍රයාන් - 2 ලෙස නම් කර ඇති මෙම අභ්‍යවකාශ යානය සඳ තරණය කරන ඉන්දියාවේ දෙවැනි අභ්‍යවකාශ මෙහෙයුම වන අතර, ඔවුනගේ ප්‍රථම අභ්‍යවකාශ මෙහෙයුම චන්ද්‍රයාන් - 1 ලෙස පසුගිය 2008 වසරේදී දියත් කෙරිණි.

චන්ද්‍රයාන් - 1 අභ්‍යවකාශ මෙහෙයුමේදී සඳ මතුපිට ගොඩබැසීමක් සිදු නොවූ අතර, එය චන්ද්‍ර කක්ෂයේ ගමන් කිරීමක් පමණක් සිදුවිය.

ඒ අනුව, මෙවර චන්ද්‍රයාන් - 2 මෙහෙයුම යටතේ සඳ මතුපිට විශේෂ අවධානයක් යොමුකරන අතර, සඳෙහි ජලය , ඛනිජ ලවණ සහ පාෂාණ නිර්මාණය වීම පිළිබඳ දත්ත එක්රැස් කෙරෙනු ඇත.

ඒ අනුව, මෙම නව අභ්‍යවකාශ යානයට ලෑන්ඩර්, ඔර්බිටර් සහ රෝවර් යන යානා ත්‍රිත්වයම අයත් බව කියැවෙයි.



Recommended Articles