ඉන්දියාවේ සති තුනක ඉහළම දෛනික ආසාදන මට්ටමක්


ඉන්දියාව අද (30දා) දිනයේ නව කොවිඩ්-19 ආසාදිතයන් 44,230ක් වාර්තා කළ අතර, එය සති තුනක කාලයකදී වාර්තා වූ ඉහළම ආසාදිත මට්ටම බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ තත්ත්වය තවත් ආසාදන රැල්ලක් ඇතිවීමේ බිය මධ්‍යයේ එක් ප්‍රාන්තයක් අගුලු දැමීමට බල කෙරී ඇති අතර, මෙය ආසාදන සිද්ධීන් පිළිබඳ කනස්සල්ලට පත්වන ප්‍රවණතාවයේ නවතම සාක්ෂි බව මාධ්‍ය පවසයි.

ඉන්දියාව අප්‍රේල් සහ මැයි මාසවලදී ඩෙල්ටා වෛරසයේ ප්‍රභේදයෙන් බැට කෑ නමුත් ආසාදන පැතිරීමේ වේගය පසුව අඩු විය. එය යළිත් ඉහළ යමින් පවතින අතර පසුගිය දින අටෙන් දින හතක් තුළ වැඩි ආසාදන සංඛ්‍යාවක් වාර්තා විය.

සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව, රට පුරා ආසාදන සංඛ්‍යාව මිලියන 31.57ක් දක්වා ඉහළ ගොස් තිබේ. 30දා වාර්තා වූ මරණ 555කින් ඉහළ ගිය අතර, සමස්ත මරණ සංඛ්‍යාව 423,217ක් බවට පත්ව ඇත.

ජුනි මස අග භාගයේදී වෛද්‍ය විශේෂඥයන් පැවසුවේ ඔක්තෝබර් මාසය වනවිට ඉන්දියාවට තුන්වැනි කොරෝනා රැල්ලක් ඇති විය හැකි නමුත් එය විනාශකාරී අප්‍රේල්-මැයි වසංගතයට වඩා හොඳින් පාලනය කළ කරගැනීමට හැකිවනු ඇති බවයි.

සෞඛ්‍ය විද්‍යාඥයන් ඉල්ලා සිටින්නේ තවත් විශාල තර්ජනයක් වළක්වා ගැනීම සඳහා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළක වේගවත් කරන ලෙසයි.

බිලියන 1.35ක ජනගහනයෙන් 67.6%කට මේ වනවිටත් කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිදේහ ඇති බව රජය ගණන් බලා ඇති අතර, වැඩිහිටි ජනගහනයෙන් 38%කට ආසන්න සංඛ්‍යාවක්, මිලියන 944ක පමණ ජනතාවක් අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇත.

කෙසේ වෙතත් පසුගිය සතියේදී රෝගයේ ඇස්තමේන්තුගත වර්ධන අනුපාතය හෝ R අගය ද ඉහළ ගොස් තිබේ.

ජූලි 24දා R අගය 1 ට ළඟා විය. එනම් සාමාන්‍යයෙන් ආසාදිත සෑම 10 දෙනෙකුම සෙසු පුද්ගලයින් 10 දෙනෙකුට ආසාදනය විය හැකි බවයි. මැයි මාසයෙන් පසු ප්‍රථම වරට දෛනික ආසාදන ලක්ෂ 4ක් පමණ වූ විට එවැනි තත්ත්වයක් මීට පෙර වාර්තා විය.

දකුණු කේරල ප්‍රාන්තය බ්‍රහස්පතින්දා නව අගුලු දැමීමක් ප්‍රකාශයට පත් කළ අතර, සමහර ඊසානදිග ප්‍රාන්තවල ආසාදන අනුපාතය ඉහළ යන බව වාර්තා කරමින් සංචරණ සීමා කිරීම් ක්‍රියාත්මක කර තිබේ.

අගනුවර වන නවදිල්ලිය ඇතුළු අනෙකුත් ස්ථාන මෑතකදී බොහෝ ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කර තිබීමද කණස්සල්ල වැඩි කරයි.



Recommended Articles