ඉන්දියාවේ වෛද්‍යවරු 196ක් කොවිඩ්-19 නිසා ජීවිතක්ෂයට


COVID-19 වෛරසයට ගෙදුරුවීම නිසා වෛද්‍යවරුන් 196 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති බව ඉන්දියානු වෛද්‍ය සංගමය පවසයි.

අගමැති නරේන්ද්‍ර මෝදි වෙත විවෘත ලිපියක් මගින් වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ පවුල් සඳහා ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වන ලෙස ඉල්ලා තිබේ.

මේ අතර පෙරේදා දිනයේ ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැය 24ක් තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 64,000ක් ඉක්මවා වාර්තා කර ඇති තිබූ අතර, එය මේ දක්වා දෛනික වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව විය.

එමෙන්ම අඛණ්ඩව ආසාදිතයන් 60,000 ඉක්මවූ තුන්වැනි දිනය ලෙසද සටහන් විය. මේ සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,153,010ක් ලෙස සටහන් විය.

එසේම එදින ඉන්දියාවේ මරණ 861ක් වාර්තා වූ අතර, මේ සමග සමස්ත මරණ සංඛ්‍යාව 43,379ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් රැකබලා ගන්නා මධ්‍යස්ථානයක් ලෙස භාවිත කළ දකුණු ඉන්දියානු හෝටලයක ඊයේ (09දා) ඇති වූ ගින්නකින් වෛරසය ආසාදිතව සිටි 10 දෙනෙකු මියගොස්, තවත් පිරිසක් තුවාල ලබා තිබේ.



Recommended Articles