ඉන්දියාවේ වැඩිහිටියන්ට නොමිලේ බූස්ටර් එන්නත්


උතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ප්‍රාදේශීය පාලනය විසින් වයස අවුරුදු 18-59 අතර සුදුසුකම් ලත් වැඩිහිටි ජනතාව සඳහා නොමිලේ කොවිඩ්-19 බූස්ටර එන්නත් මාත්‍රාව ලබාදෙන බව නිවේදනය කර තිබේ.

ප්‍රවෘත්ති, මහජන සම්බන්ධතා සහ භාෂා දෙපාර්තමේන්තුවට අනුව, ප්‍රාන්තයේ සුදුසුකම් ලත් ජනගහනයට දැන් ඕනෑම රජයේ රෝහලකින් හෝ බෙහෙත් ශාලාවකින් ඉන්දියානු රු.250 (එක්සත් ජනපද ඩොලර් 3ක්) වටිනා සෑම බූස්ටර මාත්‍රාවක්ම නොමිලේ ලබාගත හැකිය.

විශේෂඥයන් පවසන්නේ කොවිඩ්-19 එන්නත බූස්ටර් මාත්‍රාවක් මගින් කොරෝනා වෛරසයට එරෙහිව වැඩි ප්‍රතිදේහ නිපදවීම වෙනුවෙන් මතක සෛල සක්‍රීය කිරීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරන බවයි.

මෙම නිවේදනය නිකුත් වූයේ දිල්ලියේ සහ බිහාර්හි ප්‍රාදේශීය පාලනයන් විසින් රජය විසින් පවත්වාගෙන යනු ලබන රෝහල්වල වයස අවුරුදු 18 සහ 59 අතර පුද්ගලයින්ට නොමිලේ බූස්ටර මාත්‍රාව ලබා දීමෙන් දින කිහිපයකට පසුවය.

මෙම මස මුලදී, ඉන්දියාවේ ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ වයස අවුරුදු 18 සහ ඊට වැඩි අය දෙවැනි මාත්‍රාවෙන් මාස නවයකට පසු බූස්ටර් මාත්‍රාවක් සඳහා සුදුසුකම් ලබන බවයි. කෙසේ වෙතත්, මෙම පහසුකම මුදල් ගෙවූ අයට පමණක් පුද්ගලික එන්නත් මධ්‍යස්ථානවලින් ලබාගත හැකිව තිබුණි.

එනමුදු කොවිඩ්-19 එන්නතෙහි පළමු මාත්‍රා දෙක ඉන්දියාව පුරා සිටින සුදුසුකම් ලත් ජනගහනයට රජයේ රෝහල්වල නොමිලේ ලබාදෙන ලදී.



Recommended Articles