ඉන්දියාවේ වායු දූෂණය - ලොවම සිනාසෙන බව අධිකරණය කියයි


ඉන්දියාවේ පවතින වායු දූෂණය පිළිබඳ ලෝකය “ඉන්දියාවට සිනාසෙන” බව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පවසා තිබේ.

දූෂණය මට්ටම් මැඬපැවැත්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අධිකරණය විසින් මධ්‍යම සහ ප්‍රාන්ත රජයන් වෙත දැඩිව දෝෂාරෝපණය කර තිබුණි.

සඳුදා එක් විනිසුරුවරයෙකු පැවසුවේ "පුපුරණ ද්‍රව්‍ය බෑග් 15කින් ගෙන සියල්ලෝ එක්වරම මරා දමන්න. මිනිසුන් මේ තරම් විඳින්නේ ඇයි?" යනුවෙනි.

දිල්ලියේ පවතින වායු දූෂණය සති ගණනාවක් පුරා උතුරු ඉන්දියාව පුරා දැඩි ආන්දෝලනයක් ඇති කර තිබෙන අතර, දිල්ලියේ වායු ගුණාත්මක මට්ටම අන්තරායකර තත්ත්වයක පවතින බව කියයි.

ඒ අනුව, පසුගිය සඳුදා දිල්ලියේ වායු ගුණාත්මක දර්ශක අගය 339 දක්වා ළඟා විය. හොඳ මට්ටමක් ලෙස සැලකෙන්නේ ශුන්‍යය හා 50 අතර ඕනෑම අගයකි.

කෙසේ වෙතත්, ඉදිරි දිනවලදී අගනුවරට වැසි ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇති බැවින්, වර්ෂාපතනය සමග මෙම මට්ටම් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.



Recommended Articles