ඉන්දියාවේ ව්‍යාඝ්‍ර ගහනය වසර හතරකට පසුව 3,000ක් දක්වා වර්ධනය වී ඇති බව එම සතුන් පිළිබඳ සිදුකළ නවතම සංගණනයකින් වාර්තා වී තිබේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් මෙම සංගණන තොරතුරු ප්‍රසිද්ධියට පත්කළ අතර, 2014 වසරේදී 2,226ක් වූ ව්‍යාඝ්‍ර ගහනය 2018 දී 2,967ක් වූ බව පවසයි.
ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ මේ වනවිට ඉන්දියාව ව්‍යාඝ්‍රයන් සඳහා වඩාත් ආරක්ෂිත සහ විශාලතම නිජ භූමියක් බවට පත්ව ඇති බවයි.
ඒ අනුව, ලෝකයේ දැනට ජීවත් වන ව්‍යාඝ්‍රයන්ගෙන් 70%කට පමණ නිජ භූමිය වීමට ඉන්දියාවට හැකිවී ඇති බවද සඳහන් කරයි.
ඉන්දීයාව සෑම වසර හතරකට වරක්ම ව්‍යාඝ්‍රයන් පිළිබඳ සංගණනයක් සිදුකරන අතර, වනජීවී නිලධාරීන් සහ සත්ත්ව විද්‍යාඥයන් එකතුව මෙම සංගණනය සිදුකරනු ලබයි.